Colombo, Mar 06 (LNR) - ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෑම අනවශ්‍ය හා අසාධාරණ බව කියා සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, දැනට සිදුවන මහා මැතිවරණය වෙනුවෙන් වන ප‍්‍රචාරක කටයුතුවලට පිටස්තර මැදිහත්වීමක් ලෙසින් එය සැලකීමට සිදුවනු ඇති බවට අනතුරු අගවයි.
ජගත් සංවිධානයේ ප‍්‍රධානියා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡුාවකදී රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත්තේ මානුෂීය විපත්වලට හේතුකාරක වූ අර්බුද අනෙකුත් රටවල සිදු වූ විට එම සංවිධානය එවැනි පියවරක් නොගත් බව යැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.
එවැනි පත්කිරීමක් සිදු කලහොත් ශී‍්‍ර ලංකාවටද සුදුසු පරිදි කි‍්‍රයා කිරීමට සිදුවනු ඇති බවට අවධාරණය කර සිටින ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටිනුයේ ශී‍්‍ර ලංකාවට එරෙහි චෝදනාවන් එල්ල කිරීම එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ හා සමහර රාජ්‍ය නොවන සංවිධානවල න්‍යාය පත‍්‍රයකට අනුව සිදුවන බවයි.
