Colombo, Mar 07 (LNR) -ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා හා අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශී‍්‍රපති සූරියආරච්චි මහතාගේ බිරිඳ වන දිල්රුක්‍ෂි සූරියආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ සිදු විය.
සූරියආරච්චි මහත්මියගේ නිවසට පැමිණි රාජපක්‍ෂ මහතා ඇය සමග සුහද සාකච්ඡුාවක් පැවැත්වූ බව වාර්තා වේ.
ඉදිරි මහා මැතිවරණයේදී ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් තරග වදින එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයින්ගේ නායකයා වන බැසිල් රාජපක්‍ෂ මහතාට තම පූර්ණ සහාය ලබාදීමට මෙහිදී සූරියආරච්චි මහත්මිය ප‍්‍රතිඥා දුන්නාය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහජන පාර්ශ්වය සමග කලක් කටයුතු කල ඇය පසුව එක්සත් ජාතික පෙරමුණ සමග එක් වූ අතර, එම පෙරමුණ යටතේ ගම්පහ දිස්ති‍්‍රක්කයට තරග කිරීමට නියමිතව සිටී.
සූරියආරච්චි මහත්මිය පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තම සහාය පලකොට සිටියාය.


