Colombo, Mar 07 (LNR) -යුද්ධයෙන් අවතැන්වූ සාමාන්‍ය වැසියන් යලි පදිංචි කරලීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය සාර්ථක ප‍්‍රගතියක් අත්කරගෙන ඇතැයි පවසන ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ මහත්මිය, එම කටයුත්ත සම්පූර්ණ කරලීම වෙනුවෙන් තම රජයේ සහාය තවදුරටත් ලබාදෙන බව කියා සිටින්නීය.
තෙදින නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණි රාවෝ මහත්මිය අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමු වී එම ප‍්‍රතිඥාව දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී අතිවිශාල ජයග‍්‍රහණයක් අත්කරගැනීම සම්බන්ධයෙන් රාජපක්‍ෂ මහතාට තම සුබපැතුම් පිරිනැමූ ඇය, නොබෝ දිනකින් රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ සංචාරයකට පැමිණෙනු ඇති බවට අගමැති ආචාර්ය මන්මෝහන් සිං බලාපොරොත්තුවෙන් සිටින බව කියා සිටියාය.
