Colombo, Mar 07 (LNR) -ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා අද ජාඇල ප‍්‍රදේශයේදී දෙමල ජනතාව සමග හමුවකට සහභාගී විය.
අපේ‍්‍රල් 08 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ති‍්‍රක් අපේක්‍ෂකයින්ගේ නායකයා වන්නේ රාජපක්‍ෂ මහතාය.ජාඇල රමාඩා උත්සව ශාලාවේදී පැවති මෙම හමුවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා ද සහභාගී විය.
මෙහිදී ආරුමුගම් තොන්ඩමන් මහතා පවසා සිටියේ, වසර 17 ක් එක්සත් ජාතික පක්‍ෂය සමග සිටි තම පක්‍ෂය එජනිස සමග එක්වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩපිලිවෙල පිලිබඳව පැහැදීමකට පත්වූ නිසා බවයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ප‍්‍රබල ආණ්ඩුව ශක්තිමත් කරලීම සඳහා දක්‍ෂයෙකු වන බැසිල් රාජපක්‍ෂ මහතා වැඩි මනාප ඡුන්ද ප‍්‍රමාණයකින් දිනවිය යුතු බවද තොන්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
