Colombo, Mar 08 (LNR) - දැනට රැුඳවුම් භාරයේ සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ඉක්මනින්ම යුද අධිකරණයක් කැඳවන බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජනරාල් ප‍්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
ජනරාල්වරයාට එරෙහිව හමුදා නීතියට අනුව මූලික චෝදනා පහක් යටතේ සාක්ෂි ගොනු කර අවසන් බව සමරසිංහ මහතා කියා සිටී.
මේ අතර, ජනරාල්වරයා අධිකරණයට අපහාස කල බවට චෝදනා කරමින් විශ‍්‍රාමලත් මේජර්වරයෙකු වන ඩබ්.එම්.එස්. පලිපාන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කලේය.
සෞඛ්‍ය හේතූන් මත තමන් 2006 මාර්තු 01 වැනිදා විශ‍්‍රාමගත් විට එවකට යුද හමුදාපතිවරයා වශයෙන් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වූ පරිදි සම්පූර්ණ වැටුප ගෙවීම සිදු නොවූ බව පෙත්සම්කරු කියා සිටී.
