Colombo, Mar 08 (LNR) - ඌව පලාත් සභා මන්තී‍්‍ර ජානක තිස්සකුට්ටිආරච්චි අද ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරමින් මොණරාගල දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පෙරමුණු අපේක්‍ෂකයින්ගේ ලැයිස්තුව අභියෝගයට ලක් කලේය.
එම ලැයිස්තුවෙන් තම නම කපාහැර ඒ වෙනුවට චමින්ද රත්නායක නමැත්තාගේ නම ඇතුලත් කිරීමට එජාපෙ මොණරාගල දිස්ති‍්‍රක් අපේක්‍ෂකයින්ගේ නායකයා වන රංජිත් මද්දුම බණ්ඩාර වගකිවයුතු බවට එම පෙත්සමෙහි දැක්වේ.
තම නම එම ලැයිස්තුවට ඇතුලත් කිරීම හෝ එසේ නොමැතිනම් එජාපෙ මොණරාගල දිස්ති‍්‍රක් අපේක්‍ෂකයින්ගේ ලැයිස්තුව ප‍්‍රතික්‍ෂේප කරන මෙන් මැතිවරණ කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කිරීම තිස්සකුට්ටිආරච්චි මහතා අධිකරණයෙන් අපේක්‍ෂා කරයි.
මැතිවරණ කොමසාරිස්වරයා, මද්දුම බණ්ඩාර මහතා ඇතුළුව වගඋත්තරකරුවන් 46 දෙනෙකු ඉන් නම්කොට ඇත.
