Colombo, Mar 08 (LNR) - අපේ‍්‍රල් 08 වැනිදා පැවැත්වෙන මහා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට මුස්ලිම් ඡන්දවලින් සියයට 85 කට වැඩි ප‍්‍රතිශතයක් ලබාගත හැකිවනු ඇතැයි ඛණිජතෙල් අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි පවසයි.
අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ෆවුසි මහතා කියා සිටියේ, මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා මුස්ලිම් ජනතාව අතර ගෙනගිය වැරදි ප‍්‍රචාරයන් හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී එජනිස හට මුස්ලිම් ඡන්ද වැඩි ප‍්‍රමාණයක් ලබාගත නොහැකි වූ බවයි.
නමුත්, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ මුස්ලිම් ප‍්‍රජාව බියෙන් හෝ සැකයෙන් තොරව ජීවත් වන නිසාත්, ඔවුන්ගේ අවශ්‍යතා ඉටුවන නිසාත්, මුස්ලිම් ඡන්දදායකයින් අතිමහත් බහුතරයක් එජනිස හට සහාය දක්වනු ඇති බවට ෆවුසි මහතා විශ්වාසය පලකලේය.
