Colombo, Mar. 09 (LNR) - පුරා වසර තිහක පමණ කාලයක් ශී‍්‍ර ලංකාවට විශාල ගැටළුවක්ව පැවති එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සාර්ථකව මුලිනුපුටා දැමූවද, එහි ඉතිරිව සිටින සාමාජිකයින් විදේශයන්හි කි‍්‍රයාත්මකව තම සංවිධානය යලි ගොඩනැගීමට උත්සාහ කරන බව සිටින බව විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා පෙන්වා දෙයි.
එමනිසා, කොටි සංවිධානය ඇතුළුව අනෙකුත් ත‍්‍රස්ත කල්ලිවලින් දකුණු ආසියානු කලාපයට එල්ලව තිබෙන ත‍්‍රස්තවාදී තර්ජනයන් සම්බන්ධයෙන් නොකඩවා අවදියෙන් සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ දිනවල දිවයිනෙහි සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාවෝ සමග ඊයේ කොලඹදී පැවති හමුවකදී බෝගොල්ලාගම මහතා කියා සිටියේ, ත‍්‍රස්තවාදයට එරෙහි කි‍්‍රයාමාර්ග ගැනීමේදී එවැනි තත්ත්වයන් පිලිබඳව අවධානය යොමු කල යුතුව ඇති බවයි.
ඉන්දියාවේ සංචාරයක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතට කරනු ලැබූ ආරාධනයක් පිලිගැනීම අගය කරමින් මෙහිදී රාවෝ මහත්මිය පැවසූයේ, එම සංචාරය මගින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.
