Colombo, Mar 09 (LNR) - තවත් මසකින් හදිසි නීති තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 69 කින් සම්මත විය.
අදාල යෝජනාවට පක්‍ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂවලින් ඡන්ද 93 ක් ලැබණු අතර, ඊට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල ජාතික සන්ධානය ඡන්ද 24 ක් ප‍්‍රකාශ කලේය.
විසිරුවා හරිනු ලැබූ පාර්ලිමේන්තුව අද රැස්වූයේ, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් තැබූ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීම සඳහා වන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීමටයි.
