Colombo, Mar 09 (LNR) - පාතාල කල්ලි නායකයෙකු වන පි‍්‍රන්ස් කොලම් නමැත්තාගේ සහචරයින් යැයි පැවසෙන දෙදෙනෙකු අද උදෑසන කුරුණෑගල පොලිසියත් සමග ප‍්‍රදේශයේ කැලෑවකදී සිදු වූ වෙඩි හුවමාරුවකදී මිය ගොස් තිබේ.
ඝාතන 28 ක් හා කොල්ලකෑම් 15 ක් සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අත්අඩංගුවට පත් මෙම දෙදෙනා පොලිසියෙන් බේරී පලා යද්දී පොලිසිය සමග වෙඩි හුවමාරුවක් සිදු කොට ඇත.
චාමර චතුරංග හෙවත් ‘ග‍්‍රෑන්ඞ්පාස් අහිංසක’ හා සම්පත් ඩයස් හෙවත් ‘උස සම්පත්’ යන නම්වලින් ඔවුන් දෙදෙනා හඳුනාගෙන තිබෙන අතර, අදාල මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණ කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදු කලේය.
