Colombo, Mar 09 (LNR) - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ශී‍්‍ර ලංකාවේ ලෝකයේ ආශ්චර්යය බවට පත් කරන විට ශී‍්‍ර ලංකාවේ හොඳම දිස්ති‍්‍රක්කය බවට ගම්පහ පත්කරලීම තම අරමුණ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ති‍්‍රක් නායක හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ වෙසෙන විද්වතුන්ගේ හමුවක් ඊයේ සමාරා ශාලාවේදී අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ, අපරාධවලින් තොරව ජීවත්විය හැකි හොඳම දිස්ති‍්‍රක්කය ගම්පහ බවට තමන් පත්කරන බවයි.
මැතිවරණ සමයේදී මෙන්ම ඉන් පසුවද ගම්පහ දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බව එජනිස ගම්පහ දිස්ති‍්‍රක් නායකයා මෙහිදී අවධාරණය කලේය.
තරුණයින් රැකියා සොයමින් යෑම වෙනුවට තරුණයින් වෙතට රැකියා අවස්ථා ලබාදෙන යුගයක් උදා කර, ගම්පහ ප‍්‍රදේශයේ ගොවි. කාර්මික, ධීවර හා ස්වයං රැකියා ක්‍ෂෙත‍්‍රයේ නියැලී සිටින්නන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමද තම අභිප‍්‍රාය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



