Home News මහින්ද, නාමල් සමග බැසිල් විරසක කිරීමේ මඩ ව්‍යාපාරයක්

මහින්ද, නාමල් සමග බැසිල් විරසක කිරීමේ මඩ ව්‍යාපාරයක්

(2010 මැයි 23 පෙ.ව. 11.24) - පිටපිටම මැතිවරණ පරාජයන් ලබා යනඑනමං නොමැතිව සිටින විපක්‍ෂයට පොටක් පාදා ගැනීමේ අරමුණින්, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහිව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා කටයුතු කරන බවට හුවාදැක්වීමේ මඩ ව්‍යාපාරයක් ආණ්ඩු විරෝධී පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක් විසින් දියත් කොට තිබේ.

පසුගිය සති කිහිපයක සිට එම මඩ ව්‍යාපාරය දැඩිව කි‍්‍රයාත්මක කොට ඇති එම පුවත්පත් හා වෙබ් අඩවි ඔවුන් තිදෙනා අතර නොයෙකුත් මතභේද හටගෙන තිබෙන බවට සාවi වාර්තා පළකොට තිබේ.

එමගින් හුවාදැක්වීමට උත්සාහ ගෙන ඇත්තේ, මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව රටේ නායකත්වයට බැසිල් රාජපක්‍ෂ මහතා හා නාමල් රාජපක්‍ෂ මහතා යන දෙදෙනාම ඇස ගසාගෙන සිටින බවත්, එහිදී ඔවුන් එකිනෙකාට එරෙහිව එකිනෙකා පරයා කටයුතු කරමින් තම පරමාර්ථය මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන බවත් ය.

මෙම ආණ්ඩු විරෝධී මඩ ව්‍යාපාරයේ යෙදී සිටින වෙබ් අඩවි අතර ලන්ඩන් සිට කි‍්‍රයාත්මක වන ලංකානිව්ස්වෙබ් ( lankanewsweb ) නමැති වෙබ් අඩවිය ඉදිරියෙන්ම සිටී.

එම වෙබ් අඩවිය පළකොට තිබෙන වාර්තා අතර, සියළුම අමාත්‍යංශවලට හා රාජ්‍ය ආයතනවලට නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු බැගින් පත් කිරීමට යන බවටත්, බැසිල් රාජපක්‍ෂ මහතා යටතේ සංවිධානය වූ ‘අයිෆා’ ඉන්දීය සිනමා සම්මාන උළෙල නාමල් රාජපක්‍ෂ මහතා යටතට පත් කර ඇති බවටත්, බැසිල් රාජපක්‍ෂ මහතා විසින් සංස්ථා හා රාජ්‍ය මණ්ඩල සභාපති ධූර සඳහා නම්කරනු ලැබූ ඔහුගේ හිතවතුන් හා අනුගාමිකයින් කැපී ගොස් ඇති බවටත් සාවi වාර්තා පළකොට තිබේ.

එමෙන්ම, ගංවතුර තර්ජනයට මුහුණ දීමට ගතයුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡුා කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ සාකච්ඡාවක් නාමල් රාජපක්‍ෂ මහතාගේ දැනුම්දීමක් මත ජනාධිපතිවරයා විසින් කඩාකප්පල් කර තිබෙන බවටත් එමගින් සාවi වාර්තාවක් පළකොට ඇත.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ හා නාමල් රාජපක්‍ෂ මහත්වරුන්ගේ සමීපතමයින් පවසා සිටියේ, විපක්‍ෂයේ උපදෙස් මත කටයුතු කරමින් ආණ්ඩු විරෝධී මඩ ප‍්‍රචාර ගෙනයන මෙවැනි පුවත්පත් හා වෙබ් අඩවිවල උත්සාහයන් අසාර්ථක වන බවයි.

දේශපාලනයෙහි යෙදීමේදී තම ඥාති සබඳතා ඔස්සේ නොව රටට සෙතක් සැලසීමේ පරමාර්ථයෙක් කටයුතු කිරීම ඔවුන් තිදෙනාගේ එකම අධිෂ්ඨානය බව එම සමීපතමයින් පැවසීය.
 

Car Advertising - Free

Vehicleweb.lk gives you opportunity to sell your car free of charge. No worries or hassles with internet credit card payments, no hidden charges. This offer will always be available when you come and visit Vehicleweb.lk. This is our promise to every Sri lankan private car seller. Fur...thermore every free vehicle ad can include up to 05 auto images and you can readvertise your car as many times as you wish.
Easy steps to sell your car with vehicleweb.lk

Search Used Vehicle's in Sri Lanka
www.vehicleweb.lk
etisalat_ad

Copyright @ 2010 LankaNewsRoom Network
Contact Us - editor@lankanewsroom.com
Thushara Ferdinandis

0712 80 3000