Home Uncategorized නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බැසිල් හමුවෙන්න නියමිතයි

නිදහස් පක්ෂ මන්ත්‍රීවරු බැසිල් හමුවෙන්න නියමිතයි

142
0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌මැති ඇමැතිවරුන් විශාල පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා මුණගැසීම සදහා වේලාවන් වෙන් කරගෙන ඇති බව වාර්තා වනවා.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමු‌ණෙහි සාමාජිකත්වය ලබාගෙන ඒ යටතේ තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ‌මෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉල්ලීම් ක‌ොට ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව ‌අද (06) දිනයේ සිට ‌මෙම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට කාලවේලාව ‌වෙන් කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබුණා.

මතුවී ඇති තත්ත්වය මත බොහෝදුරට මහමැතිවරණයේ නාමයෝජනා ලබා ‌දීම ආරම්භ වනවිට ශ්‍රීලනිප සභාපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයේ සිටි මන්ත්‍රීවරුන් ‌රැසක් ඉවත්ව යනු ඇති බවයි පැවසෙන්නේ.