Home Gossip ලීක් වුන ආන්දෝලනාත්මක වීඩියෝව ගැන වොල්ගා කතා කරයි

ලීක් වුන ආන්දෝලනාත්මක වීඩියෝව ගැන වොල්ගා කතා කරයි

151
0

පසුගියදා අන්තර්ජාලයේ පැතිරුණ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනීගේ ආන්දෝලනාත්මක වීඩියෝව ඔවුන්ගේ ෆේස්බුක් හැක් කර ලබාගෙන අන්තර්ජාලයට එක් කර ඇති බව ඇගේ පෙම්වතා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

වොල්ගා කල්පනීගේ පෙම්වතා වන නව පරපුරේ ගායන ශිල්පී බිනොෂ් පීරිස් සඳහන් කරන්නේ එය ‘අවලංගු කාසිය’ මගේ ගීතයට’ කළ රූප රචනාවක් බවයි.

එහිදී ලබාගත් වීඩියෝ කිහිපයක් පසුව අනවශ්‍ය බවට හැඟුණු නිසා ඉවත් කළ බවත් එම වීඩියෝ තමන් , වොල්ගා කල්පනී සහ තවත් අයෙක් සතුව පමණක් තිබු බවත් ඔහු පවසනවා.

“අපි තුන්දෙනාට තුන්දෙනා විශ්වාසයි. නමුත් මට හිතෙන්නේ මගේ හෝ වොල්ගාගේ ෆේස්බුක් හැක් කරලා ගත්තා වෙන්න පුළුවන්.

මේ වෙලාවේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගාට ඇතිවුණ ප්‍රශ්නය නිසා මටත් අවුල්.

ඇයව මම අවලංගු කාසියට ගත්තේ මගේ පෙම්වතිය නිසා නෙමේ. ඇය මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය ගැන මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් කතා වෙනවා මගේ කනට ඇහිලා තියෙනවා. ඒ වගේම ඇය මගේ පෙම්වතිය වෙන්න කලින් ඇයගේ හොඳ රසිකයෙක් මම. ඇයගේ රඟපෑමට මම ගොඩක් කැමැතියි. ඒ නිසා මම ඇයව සම්බන්ධ කරගත්තා.
මගේ පෙම්වතිය විදියට වොල්ගාව සම්බන්ධ කරගත්ත නිර්මාණයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.