Home Sport පොලිස්, ගුවන් හමුදාවට දසවැනි පරාජයත් හිමිකර දෙයි

පොලිස්, ගුවන් හමුදාවට දසවැනි පරාජයත් හිමිකර දෙයි

104
0

අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය දස වැනි පරාජයත් වැළඳ ගැනිමට ගුවන් හමුදා කණ්ඩායමට සිදුවිය.

ඒ පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 29-12 ක් ලෙසිනි. කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය.

ජයග්‍රාහී පොලිස් කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, එක් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළ අතර ගුවන් හමුදාව එක් ගෝල දිනුමක් හා උත්සාහක දිනුමක් ආධාරයෙන් ලකුණු රැස් කළහ.