Home Sport දිමුත් සහ අවිශ්ක පිටිය වර්ණවත් කරමින් ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙයි

දිමුත් සහ අවිශ්ක පිටිය වර්ණවත් කරමින් ශ්‍රී ලංකාවට ජය හිමිකර දෙයි

107
0

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කර එක් කඩුල්ලක ජයක් හිමිකර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ දිමුත් කරුණාරත්න ලකුණු 52ක් ලබාගත් අතර ඔහුට මනා සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා.

කුසල් ජනිත් ලකුණු 42ක් ලබාගෙන සිටියදී අවාසනාවන්ත ලෙස බ්‍රාවෝ අතට උඩපන්දුවක් ලබාදෙමෙන් දැවී ගියා.

අවසාන පන්දුවාර කිහිපය තුල හුදෙකලා ඉනිමක් ක්‍රීඩාකළ වනිඳු හසරංග ලකුණු 42ක් ලබා ගත්තා.

තිසර පෙරේරා ලකුණු 32ක් රැස්කරගෙන සිටියදී දැවී ගියා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 289ක් ලබාගත්තා.

කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා.

පන්දුවට පහරදීමේදී කොදෙව් පිල වෙනුවෙන් ෂයි හොප් ලකුණු 115ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුළු 3ක් ද තිසර පෙරේරා,නුවන් ප්‍රදීප් හා වනිඳු හසරංග විසින් කඩුළු 1ක බැගින් දවා ගත්තා.

තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩා පිටියේයි