Home Politics ජිනීවා යන දිනේෂ්ට කොමසාරිස්වරියගෙන් කැපිල්ලක්

ජිනීවා යන දිනේෂ්ට කොමසාරිස්වරියගෙන් කැපිල්ලක්

0

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහකොමසාරිස්වරිය වූ මිෂෙල් බැෂෙල් මහත්මිය හමුවීමට ‌වේලාවක් ලබා ‌දෙන ‌ලෙස ඉල්ලීම් කර තිබුණද ‌මෙතෙක් ඒ සදහා අවස්ථාව ලබා දී ‌නොමැති බව වාර්තා ‌වනවා.

අද (25) දින විදේශ අමාත්‍යවරයා ජිනීවා බලා පිටත්ව යාමට නියමිත අතර ‌‌හෙට (26) දිනයේදී ඒ මහතා මානව හිමිකම් මණ්ඩලය ඇමතීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ‌මෙතෙක් සම අනුග්‍රාහකත්වය දැක්වූ ‌යෝජනාවලියේ 30 -1 වගන්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බව දැනටමත් ‌කොමිසම ‌වෙත දැනුම් දී තිබෙනවා.

ඒ සදහා චීනය, ඉන්දියාව, රුසියාව වැනි මිත්‍ර රටවල්වලින් සහාය හිමිවනු ඇති බව ආණ්ඩුවේ අපේක්ෂාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here