Home Local කොළඹ මැරයින් සිරිකොතට – නායකත්වයට රවී අකිල දැඩි සටනක

කොළඹ මැරයින් සිරිකොතට – නායකත්වයට රවී අකිල දැඩි සටනක

1418
0

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව පක්‍ෂ මහ ලේකම් අකිල කියයි.

අද පැවති එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී ඔහු මේ බව දැනුම් දී තිබේ.

නව නායකයා ලෙස රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ යන අයගේ නම් යෝජනා වී ඇත.

නමුත් ලංකා නිවුස් රූම් අපට වාර්තාවන ආකාරයට කොළඹ මැරයින් පිරිසක් ද සිරිකොත ඇතුලත සැරිසරන බව පැවසේ. ඔවුන් පැමිනෙන්නේ රවී කරුණානායක මහතා පැමිණිමත් සමග බව සිරිකොත වාර්තා කරුවෙකු අපව වෙත පැවසිය.

කෙසේ හෝ නායකත්වය තමාට ලබාදෙන ලෙස රවී කරුණානායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාට බල කරමින් සිටින බවද පැවසේ.

නමුත් මහ ලේකම් අකිල විරාජ්ද නායකත්වය සදහා දැඩි සටනක යෙදෙන බව පැවසේ.

කෙසේ වෙතත් කරූ ජයසූරිය එජාප නායකත්වය සදහා මහතා පත්කරන ලෙස පක්ෂ අභ්‍යන්තරයෙන් යෝජනා වී ඇති බවද එම වාර්තාවල වැඩි දුරටත් වාර්තාවේ.