Home Local අලුත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍රට ලොකු තැනක්

අලුත් පාර්ලිමේන්තුවේ ශෂීන්ද්‍රට ලොකු තැනක්

785
0
shasheendra rajapaksa

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා ලෙස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තාවෙයි.

ඔහු මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැද මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස තේරී පත් විය.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ පියා වන චමල් රාජපක්ෂ මහතා ද මීට පෙර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවා තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත යැයි ද වාර්තා වෙයි.

නව පාර්ලිමේන්තුව එළඹෙන විසි වන දා රැස්වීමට නියමිතය.