Home none ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සිටිය දී මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක්

ට්‍රම්ප් මාධ්‍ය හමුවේ සිටිය දී මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක්

120
0

ධවල මන්දිරයෙන් පිටත සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය සාකච්ජාවක් අතර වාරයේදී ඉන් පිටතට රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අමතමින් සිටි ජනාධිපතිවරයා අසලට පැමිණි ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රහසින් දැනුවත් කර ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් පිටත ගෙන ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

කෙසේවෙතත් මිනිත්තු 9කට පමණ පසු ජනාධිපති ට්‍රම්ප් නැවත පැමිණ කියා සිටියේ, ධවල මන්දිරයට ආසන්න මාර්ගයකදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.

එක්සත් ජනපද රහස් ඔත්තු සේවය සඳහන් කළේ, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයෙකු සහ එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු රෝහල් කර ඇති බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් වාර්තාකරුවන්ට ප්‍රකාශ කර සිටියේ, තමන් දන්නා පරිදි ආයුධ සන්නද්ධ පුද්ගලයෙකුට එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බවයි.