Home Politics ආනවිලුන්දාව ඩොසර් කළේ මගේ ඡන්ද දායකයෙක් – පරිසරයට කිසිදු හානියක් වෙලා නැහැ

ආනවිලුන්දාව ඩොසර් කළේ මගේ ඡන්ද දායකයෙක් – පරිසරයට කිසිදු හානියක් වෙලා නැහැ

1209
0

ආනවිලුන්දාව අභය භූමියෙහි කොටසක් ඉස්සන් වගාව සඳහා ඩෝසර් කිරීම පිළිබඳව තමන් ස්ථාන පරීක්ෂාවක් සිදු කළ බවත් එයින් පරිසරයට කිසිදු හානියක් සිදුවී නොමැති බව තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන් බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (31) පුත්තලම දංකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පවසා තිබේ.

“කතන්දරයක් යනවා කට ඇරලා නම කියන්නෙ නෑ. නිකං තප්පුලන බවක් තමයි පේන්න තියෙන්නෙ. ඉතිං ඊයෙ උදේ අතිගරු ජනාධිපතිතුමා මට කතා කරලා ඔය ආනවිලුන්දාවෙ පළහිලව්වක් යන්නෙ සමාජ ජාලා වල, ඔයාගෙ තියෙන සම්බන්ධය මොකද්ද, මොකද්ද ඒකෙ තත්වය කියලා මගෙන් ඇහුවා.

මං එතුමාට දුන්න උත්තරේ – ස’ මේ කිසිදු දේකට මගේ කිසිදු සම්බන්ධයක් නෑ. මගෙ වචනෙක හරි සම්බන්ධයක් තියෙනවා නම් මේකට මම ඕනෙම දඬුවමකට යටත් වෙන්න සූදානම්. මේක මා විසින් හෝ මගේ කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. හැබැයි මගේ ප්‍රදේශයේ මගේ ගම්වැසියෙක් මගේ ඡන්ද දායකයෙක් කරපු කටයුත්තක්.

මේ සිද්ධ වෙලා තියෙන කාරණය සම්බන්ධව ස්ථාන පරීක්ෂාවක් කරලා මගේ ඇස් දෙකෙන් මම දැක්කා. මේකෙ කිසිදු පරිසරයට හානි කිරීමක් සිද්ධ වෙලා නැහැ” යනුවෙනුයි, ඒ මහතා සඳහන් කළේ.

LNW