Home CORONA කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳියකට කොරෝනා

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ බිළිඳියකට කොරෝනා

51
0

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 9ක බිළිඳියකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි.

මෙම බිළිඳිය වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

නමුත් බිළිඳියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ සේවය කරන, කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇති පුද්ගලයෙකු බැවින් මෙම බිළිඳිය ද පී. සී. ආර්. පරීක්ෂණයට භාජනය කර ඇත.

ඒ අනුව, බිළිඳියට කොරෝනාවෛරසය අසාදනයවී ඇති බව තහවුරුවී තිබේ.

බිළිඳියගේ මව ද පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී ඇයට වෛරසය ආසාදනය වී නැති බවට තහවුරුවී ඇත.

මේ වන විට කොරෝනා ආසාදිත බිළිඳිය අංගොඩ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කළ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.

බිළිඳියගේ පියාද මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.