Home Local කොච්චිකඩේ දේවස්ථානයට යලිත් ආරක්ශාව

කොච්චිකඩේ දේවස්ථානයට යලිත් ආරක්ශාව

157
0

ප්‍රහාරයක් එල්ල වන බවට ලබන නිර්නාමික ලිපියක් හේතුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කර තිබේ.

අදාළ ලිපියේ සඳහන් වන්නේ පාසල් ආගමික ස්ථාන හා පොදු ස්ථානවලට පහර දීමට සූදානමක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇත.

බුද්ධි අංශ විසින් මේ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙය සිදුකර ඇත්තේ බිය වැද්දීම සඳහා යැයි ද හෙළිව ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යාමට සූදානම් බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පසුගියදා පැවසූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මේ වෙනතෙක් එය නොලැබුණු බව ද අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

දැනටමත් ශ්‍රී ලංකාවේ යම් ප්‍රශ්නවලට ජාත්‍යන්තර මැදිහත්වීම් සිදුවන බැවින්, රටේ නායකයින් මෙය එවැනි තත්ත්වක් කරා රැගෙන නොයනු ඇතැයි, තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව නිසි අපරාධ විමර්ශනක් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් තමාට ඇති බව සඳහන් කළ උන්වහන්සේ, එහි එක් කරුණක් සම්බන්ධයෙන් මේවනවිටත් විකල්ප මාර්ගයකට එළඹ සිටින බව ද සඳහන් කළහ.