Home Local කිලෝව 160 පැනලා – සීනි පාලන මිලත් ඉවතට – උග‍්‍ර සීනි හිගයක්...

කිලෝව 160 පැනලා – සීනි පාලන මිලත් ඉවතට – උග‍්‍ර සීනි හිගයක් දැනටත්

884
0

සීනි පාලන මිල ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මෙරටට සීනි ආනයනය කරන ප්‍රධාන පෙළේ ආනයන කරුවන් සහ මුදල් අමාත්‍යවරයා අතර ඇති සාකච්ඡාවක දී ඔවුන් ඉල්ලා ඇත්තේ පවතින පාලන මිලට සීනි තොග මිලට හෝ අලෙවි කළ නොහැකි බවයි.

දැනට වෙළඳපොලේ ඇතැම් ඇතැම් වෙළඳ සැල් වල සීනි කිලෝව රුපියල් 160 දක්වා වූ මිලට අලෙවි වෙමින් පවතී.

සිනි හිගය නැවත උග්‍ර තත්වයන්ට පත්විමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පාරිභෝගිකයන් පවසනුයේ වෙලද සැල්වල මෙන්ම සතොස ආයතය තුලද සිනි නිසි ලෙස ලබා ගැනිමට ‍නොහැකිවිමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

වෙලදුන් පවසන ලද්දේ සිනි තොග නිසි ලෙස නොලැබිමත් සමග සිනි හිගයක් පවතින බවත්ය.

සතොස ආතයනය සේවකයකු පවසන ලද්දේ සිනි තොග ප්‍රමාණවත් ලෙස නොලැබිමෙන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.