Home Uncategorized යුක්තිය ඉල්ලා කැනඩාවේ ටොරොටෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අරගලය 🏴🇨🇦

යුක්තිය ඉල්ලා කැනඩාවේ ටොරොටෝහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අරගලය 🏴🇨🇦

The struggle of Sri Lankans in Toronto, Canada for justice

774
0

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා , විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් දිගින් දිගටම සංවිධානය කරනු ලබන විරෝධතාමාලාවේ තවත් එක් අදියරක් පසුගියදා (23දින) කැනඩාවේ දී සංවිධානය කර තිබුනා.

පාස්කු දින ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමේ කැනඩා සහයෝගීතාව” මඟින් Markham & Ellesmere Intersection හිදී කැනඩා වේලාවෙන් අද සවස 03:30 සිට 4.30 දක්වා මෙම සාමකාමී විරෝධතාවය පැවත්වීමට කටයුතු කර තිබුනි.

ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව Markham & Ellesmere Intersection හී එක්වුන කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව එක හඬින් වත්මන් ආණ්ඩුවට බලකරමින් ඉල්ලා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයේ මහමොළකරුවන් එළිදරව් කර වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙසයි

පාස්කු ඉරුදින ප්‍රාහරයට මාස 30ක කාලයක් ඉක්ම ගොස් තිබියදී තවමත් එහි වින්දිතයින්ට යුක්තිය ඉටුකර දීමටත්, එහි සැබෑ මොළකරුවන් නීතිය හමුවට පැමිණවීමත් නොහැකි වීම හේතුවෙන් වත්මන් පාලනයට ඒ සඳහා බල කරමින් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අවධානය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රාහරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට පමා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමට විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ජනතාව ඔවුන් විසින්ම සංවිධානය වී මෙම විරෝධතාවල නිරත වනවා.

තවදුරටත් දිගින් දිගටම පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට පමා වුවහොත් ඉදිරි සති වලදී ලොව ප්‍රධාන නගර වලදී තවත් මෙවැනිම විරෝධතාවන් සංවිධානය කිරීමට විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.