Home World ඔමික්‍රොන් හමුවේ ධනවත් රටවල් එන්නත් සඟවා ගැනීමේ මෙහෙයුමක

ඔමික්‍රොන් හමුවේ ධනවත් රටවල් එන්නත් සඟවා ගැනීමේ මෙහෙයුමක

24
0

ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආරක්ෂාවීමට අමතර මාත්‍රාවක් අවශ්‍ය ද යන්න නිශ්චිත වශයෙන්ම තහවුරු වී නොමැති වුවත් ධනවත් රටවල් සිය ජනගහණය වෙනුවෙන් එන්නත් මාත්‍රා විශාල ප්‍රමාණයක් සඟවාගැනීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඒ හේතුවෙන් එන්නත් බෙදාහැරීමේදී ලොව පුරා පවතින අසමානතාව උත්සන්න වනු ඇති බවයි එම සංවිධානයේ එන්නත් පිළිබඳ එන්නත් ප්‍රධානී කේට් ඕ බ්‍රයන් අනතුරු අඟවන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ධනවත් රටවල් එලෙස එන්නත් මිලියන සංඛ්‍යාත එන්නත් මාත්‍රා සඟවා ගනිද්දී ඇතැම් දුප්පත් රටවල සෞඛ්‍ය සේවකයින් පවා එක් එන්නත් මාත්‍රාවක් ලබාදීම දුෂ්කර වී ඇති බවයි.

කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයෙකු වන ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම මූලික පරීක්ෂණවලින් අනතුරුව සඳහන් කළේ මුල් කොරෝනා ප්‍රභේදයට මෙන්ම ඔමික්‍රොන් ප්‍රභේදය සඳහාද පූර්ණ රැකවරණයක් ලැබීම සඳහා එන්නත් මාත්‍රා 3ක් ලබාගත යුතු බවයි.