Home Local 2022 පළමු ශ්‍රේණිය ආරම්භය සහ විභාග පැවැත්වීම ගැන නිවේදනයක්

2022 පළමු ශ්‍රේණිය ආරම්භය සහ විභාග පැවැත්වීම ගැන නිවේදනයක්

28
0
2022 වසරේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, මහනුවරදී ඊයේ (19) පැවති සාකච්ඡාවකදීයි.
මේ අතර ලබන වසරේ පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා වැඩිදුර අදහස් දැක්වූයේ මෙලෙසින්,
“ලබන 23 වනදා පාසල් වාරය අවසන් වෙනවා. 03 වනදාට විවෘත වෙනවා. පාසල් අවුරුද්ද අවසන් වෙන්නේ අප්‍රේල් මාසයේ මොකද අපිට මඟ හැරුණ දෙවල් පාසල්වල ආවරණය කිරීමට පුළුවන්කම ඇති වෙනවා. 5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා.  නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා.”