Home World ඉරානය පළිගැනීමේ සූදානමක

ඉරානය පළිගැනීමේ සූදානමක

11
0

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයකට මුහුණ දියයුතු බව ඉරානය ප්‍රකාශ කරනවා.

ඒ, ජෙනරාල් කසීම් සුලේයිමානි ඝාතනය කිරීම සම්බන්ධයෙන්.

එලෙස ට්‍රම්ප් නඩු විභාගයකට මුහුණ නොදුන්නහොත් එම ඝාතනය සම්බන්ධයෙන් ඉරානය පළිගන්නා බව එරට ජනාධිපති, ඒබ්‍රහිම් රයිසි පවසනවා.

ඉරානයේ “විප්ලවවාදී ආරක්ෂකයින්” (Revolutionary Guards) නම් ප්‍රබල හමුදා කණ්ඩායමේ විදෙස් කටයුතු සම්බන්ධ බල ඇණිය වූ “Quds Force” ප්‍රධානියා වූ ජෙනරාල් කසීම් සුලේයිමානිව 2020 ජනවාරි 3 වනදා ඉරාකයේදී අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා

එම ප්‍රහාරය එවකට අමෙරිකානු ජනාධිපති ලෙස කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත සිදුකර ඇති බව වාර්තා වන්නේ.

ඔහුව අනුස්මරණය සඳහා පැවති උත්සවයේදී ඉරාන ජනාධිපති පැවසුවේ, සාධාරණ අධිකරණයකදී ට්‍රම්ප් සහ පොම්පිඕ ගැන නඩු විභාගයක් සිදු නොකළහොත් දිවිපුදලා හෝ මුස්ලිම්වරු පළිගන්නා බවයි.

එමනේම ඉරාන හමුදා නිලධාරියාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 127 දෙනෙක් හඳුනාගෙන ඇති බවත් ඉන් 74 දෙනෙක් අමෙරිකානුවන් බවත් එරට බලධාරීන් පවසනවා.

ඒ සමබන්ධයෙන් ඉරාන අධිකරණ බලධාරීන් රටවල් 9යක බලධාරීන්ව දැනුවත් කර ඇති බවත් සඳහන්.