Home Local නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹීමට දින නියම වෙයි

නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ඇරඹීමට දින නියම වෙයි

18
0

ලබන 12 වනදා කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ඩොලර් මිලියන 510ක මූලික ආයෝජනයක් සිදු කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ඊට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 300ක මූල්‍යාධාරය ද ඇතුළත්.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඉදිකිරීම් 2024 වසර මැද භාගය වනවිට අවසන් කිරීමට හැකිවනු ඇති බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

මීට පෙර තීරණය වී තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමටයි.

කෙසේ වෙතත් ඊට වරාය වෘත්තිය සමිතිවල දැඩි විරෝධතා මධ්‍යයේ එම තීරණය අත්හැර දැමීමට රජයට සිදුවුණා.

ඉන් අනතුරුවයිඉන් පසුව එය එය සංවර්ධනය කිරීම වරාය අධිකාරියට පවරනු ලැබුවා.

ඒ වෙනුවට කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම ඉන්දියාවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.