Home Local අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කෙරේ.

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කෙරේ.

19
0

අද (07) පස්වරුවේදීත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන්.

අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 අතරතුර පැයක පමණ කාලයක් ප්‍රදේශ රැසකට මෙලෙස විදුලිය විසන්ධි කරන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඊයේ (06) කැළණිතිස්ස බලාගාරයේ සහ කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍ර ආපදාවට ලක්වුණා.

ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි කරනු ලැබුවා.

කුකුළේ ගඟ ව්‍යාපෘතියේ ජනන යන්ත්‍රය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති තිබෙනවා.

එමෙන්ම කැළණිතිස්ස බලාගාරයේ අක්‍රියවූ ජනන යන්ත්‍රය ද අද පස්වරුව වනවිට යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියේ.