Home World දරුණු හිමපතනයකට මැදිවී 21 ක් ජීවිතක්ෂයට.

දරුණු හිමපතනයකට මැදිවී 21 ක් ජීවිතක්ෂයට.

14
0

උතුරුදිග පාකිස්තානයේ මාර්ග රැසක ධාවනය වෙමින් තිබූ මෝටර් රථ රැසක් දරුණු හිම පතනයකට හසුවී තිබෙනවා.

ඒ හේතුවෙන් එම මෝටර් රථවල සිටි 21 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.

එම අනතුරෙන් අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ වාහන 1,000 ක් පමණ සිරවී තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

පසුගිය දිනවලදී අසාමාන්‍ය ලෙස පතිත වූ හිම දැකගැනීම සඳහා වාහන ලක්ෂයක් පමණ පැමිණිමත් සමඟ අදාළ කලාපයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබෙනවා.