Home Local ඖෂධ වර්ග 80 ක පමණ හිඟයක් ඇති වීමේ අවදානමක්.

ඖෂධ වර්ග 80 ක පමණ හිඟයක් ඇති වීමේ අවදානමක්.

7
0

ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවීන් රවි කුමුදේශ් පවසනවා.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදයයි.

එම නිසාම මෙම වසරට(2022) හදාළ වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි තවමත් නිකුත් කර නොමැති බවයි කුමුදේශ් මහතා පවසන්නේ.

මීට පෙර, සාමාන්‍යයෙන් නියමිත ටෙන්ඩර් පටිපාටි අවසන් කර මිලදී ගැනීම් අගෝස්තු මස ආරම්භ වී තෝරා ගන්නා සමාගම් සඳහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සඳහා වැයවන බැවින් ජනවාරි මාසය වන විට ඖෂධ රට තුළට ළඟා වීම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.