Home Local මෙරට රන් සංචිත අඩු වීම ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්.

මෙරට රන් සංචිත අඩු වීම ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක්.

9
0

සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා සිය රන් සංචිත වලින් කොටසක් අලෙවි කළ බව මහජන බැංකුව සඳහන් කරනවා.

පසුගිය නොවැම්බර් අවසානය තෙක් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 වටිනා රන් සංචිත ප්‍රමාණයක් මහජන බැංකුව සතු වුණා.

කෙසේ වෙතත් එය දෙසැම්බර් අවසානයේ ඩොලර් මිලියන 175.4 දක්වා පහත වැටුණා.

ඒ අනුව මසක් තුළ රන් සංචිත සියයට 54 කින් පහත වැටී ඇති අතර මේ වන විට මෙරට දළ නිල සංචිත සඳහන් වන්නේ, ඩොලර් බිලියන 3.1ක් ලෙසයි .

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මහජන බැංකුව කියා සිටියේ, විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගී කරගත හැකි අයුරින් කළමනාකරණය කරන බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ආයෝජන මෙවලම් වල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාල සීමාව,ලාභදායීතාවය යනාදී සම්බන්ධයෙන් උචිත කළමනාකරණ ප්‍රතිපත්ති, රටේ විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතින බවයි.