Home Sport සුපිරි ටෙනිස් ක්‍රීඩක Novak Djokovic වරද පිළිගනී.

සුපිරි ටෙනිස් ක්‍රීඩක Novak Djokovic වරද පිළිගනී.

19
0

ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී තමන් අසත්‍ය තොරතුරු ලබාදුන් බවට සුපිරි ටෙනිස් ක්‍රීඩක Novak Djokovic පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසනවා.

Novak Djokovic ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක් වීම සඳහා පසුගිය ජනවාරි 05 වෙනිදා එරටට පැමිණ තිබෙනවා.

කෙසේවෙතත් ඔහු කොවිඩ් මර්දන එන්නතද ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ පැමිණීම ඕස්ට්‍රේලියානු බලධාරීන්ට ගැටලුකාරී තත්ත්වයක් වුණා.