Home Local දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම රාජකාරිවලින් ඉවත් වෙයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම රාජකාරිවලින් ඉවත් වෙයි.

15
0

ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම රාජකාරිවලින් ඉවත් ව අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආසන වෙන්කළ දුම්රිය නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍ය මණ්ඩලය නිසි ලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබාදුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් රාශියක් පදනම් කරගනිමින්.

ඒ , අනුව දුම්රිය ගමන්වාර 200කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර අද දිනයේ ගමන් වාර 80ක් පමණක් ධාවනය වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ.

මේ හේතුවෙන් දුම්රියෙන් ප්‍රවේශපත්‍ර වෙන් කරවාගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ඇතුළු දුම්රිය ස්ථානයන් වලට පැමිණි මගීන් රැසක් අපහසුතාවයට පත්ව සිටින බවයි වාර්තා වන්නේ .