Home Local ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කෙරේ.

ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කෙරේ.

54
0

ගුරු – විදුහල්පති සේවා සංවෘත සේවාවන් බවට පත් කරනු ලැබුවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය හා ගුරු සේවය 2021. 08. 30 දින සිට ක්‍රියාත්මන වන පරිදි සංවෘත සේවාවක් බවට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පත් කිරිම්, උසස් කිරිම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධීවිධාන ඒ ඒ සේවාවන් සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

ඊට අමතරව ඒ ඒ සේවාවන්ට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහය පිළිබඳ බලධාරින් විමසා සුදුසු පරිදි සං‍ශෝධනය කර ගැනීමෙන් හැකියාව පවතිනවා.