Home Local සංචාරක පහසුකම් සපයන ආයතන වලට අනතුරු ඇඟවීමක්.

සංචාරක පහසුකම් සපයන ආයතන වලට අනතුරු ඇඟවීමක්.

42
0

සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක පහසුකම් සපයන ආයතන සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය සංචාරකයන්ට නොසලකමින් “විදේශිකයන්ට පමණයි” ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ නම් එම ආයතන බලපත්‍ර අවලංගු කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දේශීය සංචාරකයන්ගෙන් විධිමත් ලෙස පැමිණිලි ලැබුනහොත් අදාල ආයතනය ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන්.

සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ මෙම නිවේදනයේ සඳහන් වන පරිදි දේශීය සංචාරකයින් ද සංචාරක ආයතන වලට ගොස් සිය අවශ්‍යතා සපුරා ගැනීමේදී ගැනීමේ දී විධිමත් ලෙස කටයුතු කිරීමට වග බලා ගත යුතු වෙනවා.