Home World වසර 7කට පසු බොරතෙල් මිල ඉහළම අගයක් වාර්තා කරයි.

වසර 7කට පසු බොරතෙල් මිල ඉහළම අගයක් වාර්තා කරයි.

30
0
A worker pours liquid oil into a barrel at the delayed coker unit of the Duna oil refinery operated by MOL Hungarian Oil and Gas Plc in Szazhalombatta, Hungary, on Tuesday, July 9, 2013. Hungary refiner Mol may take part in oil exploration in Montenegro after country calls tender in July, daily Magyar Hirlap says. Photographer: Akos Stiller/Bloomberg via Getty Images

ලෝක වෙළඳපොලේ තෙල් මිල වසර 7කට පසුව අද ඉහළම අගය වාර්තා කළා.

ඒ, අබුඩාබියේ දී එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග තෙල් සැපයුම පිළිබඳව මතුව ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන්.

මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අද ආසියානු වෙළඳපොළේ අලෙවි වූයේ ඩොලර් 86.92ක මිලකට.

ඇමරිකානු W.T.I. තෙල් බැරලයක මිල ඩොලර් 84.62ක් ලෙස සටහන් වුණා .

අබුඩාබි ප්‍රහාරයෙන් පසු ඉරාන සන්ධානය සහ සෞදි සන්ධානයත් ඇර ඇති වී තිබෙන මෙම උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් තෙල් සැපයුම අඩු වීමේ හැකියාව ද පවතින බවයි වාර්තා වන්නේ.