Home Local වාහන ආනයනයේදී ප්‍රමුඛතාව දෙන වාහන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

වාහන ආනයනයේදී ප්‍රමුඛතාව දෙන වාහන ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්.

95
0

ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී විදුලියෙන් ධාවනය වන වාහන වලට ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, 9 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේ රජයේ ප්‍රවෘත්ති ප්‍රකාශ ඉදිරිපත් කරමින්.

ඒ අනුව වාහන සඳහා විදුලිය සැපයීමේදී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතයට සැලසුම් කළ යුතු බව ද මෙහිදී ඔහු කියා සිටියා.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, විදේශ විනිමය ගැටලුවක් ඇති වන බවට කලින්ම දැනුවත් වූ නිසා වාහන ආනයනයේ තාවකාලික නතර කිරීම මෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමෙන් වැලකීම එවැනි තීන්දු ගැනීමට සිදු වූ බවයි.