Home Local ඉන්ධන පෝලිමකින් තවත් බිල්ලක්.

ඉන්ධන පෝලිමකින් තවත් බිල්ලක්.

22
0

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙක් බිම ඇදවැටී මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා ඉන්ධන මිලදී ගැනීම සඳහා බූලි කිහිපයක් රැගෙන පැමිණ තිබුණා.

පසුව ඉන්ධන රැගෙන යළි ගමන් කිරීමට උත්සහ කිරීමේදී ඔහු පිරවුම්හල් පරිශ්‍රය තුළම ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි මීරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ අතර ඊයේ (20) දිනයේ දී ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී මියගියා.

එමෙන්ම මහනුවර යටිනුවර වීදියේ භූමිතෙල් පෝලිමකින් ද, එවැනිම පුවතක් පසුගියදා වාර්තා වුණා. එම පුද්ගලයාද 71 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙක්.