Home Politics කනක හේරත්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් – උදයකාන්ත බයේ මග වෙනස් කරයි.

කනක හේරත්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් – උදයකාන්ත බයේ මග වෙනස් කරයි.

39
0

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකුගෙන් ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේදීයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වන කනක හේරත් අද උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේදී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබුණා.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරාතිබෙනවා.

ඒ අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වූ බවයි වාර්තා වන්නේ.

කෑගල්ල දිස්ත්‍රික්කයට ගෑස් ලබාදීමේ වගකීම ද ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපයට උරනවූ ගෑස් පෝලිමේ සිටි පිරිස ඉන් අනතුරුව මාර්ගය හරස්කර විරෝධතාවයේ ද නිරත වී තිබෙනවා.

එමනේම ඊට ටික වේලාවකට පසු එම ස්ථානය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක ද මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසුව ඔහුගේ ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගිය බවටත් ප්‍රදේශ්වාසීන් චෝදනා කරනවා.