Home Politics ජනපති විශේෂ රැස්වීමක් කැඳවයි.

ජනපති විශේෂ රැස්වීමක් කැඳවයි.

18
0

හෙට (22) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, හෙට පස්වරු 6.00ට පමණ අරලියගහ මන්දිරයේ දි අදාළ රැස්වීම කැඳවා ඇති බවයි.

මෙම සාකච්ඡාවේදී රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය ඇතුළු ආර්ථික ගැටලු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ සඳහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන් සහභාගි වන ලෙස දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මෙම රැස්වීමට පෙර හෙට පෙරවරුවේ ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමට නියමිත බවත් සඳහන්.

එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසනවා.