Home Uncategorized රුපියල් 20 නව සමරු කාසි දෙකක්. (PHOTOS)

රුපියල් 20 නව සමරු කාසි දෙකක්. (PHOTOS)

26
0

රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කර තිබෙනවා.

ඒම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන්.

අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සමරු කාසි පිළිගැන්වූවා.

මහ බැංකුව කියාසිටියේ, මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කළ බවයි.

මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේ දී සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමඟ භාවිත කළ හැකියි.