Home Politics රට ගොඩනැගීම සඳහා,පොදු එකඟතාවයක් වෙනුවෙන් සත්‍යග්‍රහයක්.

රට ගොඩනැගීම සඳහා,පොදු එකඟතාවයක් වෙනුවෙන් සත්‍යග්‍රහයක්.

23
0

අද (25) පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියේදී එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් සංවිධානය කරන සත්‍යග්‍රහයක් පැවැත්වීමට නියමිතයි.

ඒ, රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම අරමුණින්.

“ර⁣ට ගොඩනැගීමේ දැක්ම” යන තේමාවෙන් සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වීමට නියමිතව තිබෙනවා.

මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ද ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

එමෙන්ම සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කරනවා.

මේ අතර, පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන්ට මෙම සත්‍යග්‍රහය විවෘත බවයි එක්සත් ජාතික පක්ෂය කියා සිටින්නේ