Home Politics පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 16ක් නිදහස් කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් 16ක් නිදහස් කරයි.

14
0

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 16 දෙනෙක් රුපියල් කෝටි දෙකක ශරිර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසියක් නියම කර තිබෙනවා.

මේ අනුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද තවත් ඇප කොන්දේසියක් අධිකරණය මගින් සැකකරුවන්ට පනවනු ලැබූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 18 දෙනකු සදහා ඇප මත මුදා හැරීමට නිතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඉන් 16 දෙනකු ඊයේ මෙලෙස නිදහස් කළා.

ඔවුන් හම්බන්තොට සිප්පිකුලම, නුවරඑළිය බ්ලැක්පූල් සහ කාත්තන්කුඩි කරඹලා නගර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල අවි පුහුණුව ඇතුළු අයි. එස්. අයි. එස්. මතවාදයන්ට අදාළ පුහුණුවීම් සහ දේශනවලට සහභාගී වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබුණා.