Home Politics අලුත් අගමැතිවරයෙක් පිළිගන්න සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට දැනුම් දෙයි.

අලුත් අගමැතිවරයෙක් පිළිගන්න සූදානම් වන්නැයි මහින්ද කාර්ය මණ්ඩලයට දැනුම් දෙයි.

247
0

අලුත් අග්‍රාමාත්‍යවරයෙකුට සේවය කිරීමට සූදානම් වන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙයි කාර්යමණ්ඩලයට පවසා ඇති බව වාර්තා වෙනවා.

ඒ, ඊයේ දිනයේ අරලියගහ මන්දිරයෙන් මුළුතැන්ගෙට ගොස් ඇති අග්‍රාමාත්‍යවරයා කාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිතර වෙමින්.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණේ, සිංහල දෙමළ අලුත් අවුරුද්ද පසුව නව අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයට එනු ඇති බවට අගමැති මහින්ද රාජපක්ෂ පවසා ඇති බවයි.

තමනට සේවය කලාක් මෙන්ම නව අගමැතිවරයාට ද හොඳින් සේවය කරන්නයි ඔහු එම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, නව අගමැතිවරයකු පත් වන්නේ රට දැනට මුලදී තිබෙන අර්බුදයෙන් බේරාගැනීම සඳහා බවත් කිසිදු දේශපාලන ගැටුමක් එහි නැති බවත්ය.