Home Local ශ‍්‍රී ලංකාව අසාධ්‍යය තත්වයේ. සම්පූර්ණ වාර්තාව IMF ප්‍රසිද්ධ කරයි.

ශ‍්‍රී ලංකාව අසාධ්‍යය තත්වයේ. සම්පූර්ණ වාර්තාව IMF ප්‍රසිද්ධ කරයි.

49
0

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය ද ඊට ඇතුළත් වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, ආර්ථික ස්ථාවරභාවය සහ රාජ්‍ය ණය තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වාසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවයක් බවයි.

කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඒ අනුව කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

එමෙන්ම ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹී තිබෙනවා.

මේ අතර විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණා.

ආනයනික උද්ධමනය පිළිබිඹු කරමින් උද්ධමනය 2021 දෙසැම්බරයේ ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි එම වාර්තාව මඟින් අවධාරණය කරනවා.

වැඩිදුර තොරතුරු දැනගැනීමට,

IMF සම්පූර්ණ වාර්තාව