Home Politics IMF වාර්තාව ගැන රනිල් විවාදයක් ඉල්ලයි.

IMF වාර්තාව ගැන රනිල් විවාදයක් ඉල්ලයි.

36
0

IMF වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, එක්සත් පක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින්.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් රජය සිය සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මුල්‍ය ආධාර සඳහා IMF සම්බන්ධ කර ගැනීමට රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව තුළ එම වාර්තාව පිළිබඳ සාකච්ඡා කළ යුතු බවයි.