Home Local පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නවතියි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නවතියි.

22
0

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඒ, ඖෂධ සහ වෛද්‍ය උපකරණ නොමැතිවීම හේතුවෙන්.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, ඉන්දියාවට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි.