Home Local අද පැය 07කට අධික කාලයක් විදුලිය කපයි.

අද පැය 07කට අධික කාලයක් විදුලිය කපයි.

6
0

අද දිනයේ පැය 07කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනවා.

ඒ, විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම හේතුවෙන්.

මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව A සිට L දක්වා කලාප 12 සඳහා පැය 07යි මිනිත්තු 30ක කාලයක් සහ P සිට W දක්වා කලාප 08 සඳහා පැය 07යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

A සිට L දක්වා කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 6 දක්වා පැය 5ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු වෙනවා.

P සිට W දක්වා කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 06.30 දක්වා පැය 05ක කාලයක් සහ පස්වරු 06.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 2යි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.